05th December 2023 19:00:22 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් යුද්ධ හමුදා ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය පිළිබඳව එම බලකායේ නිලධාරීන්ගේ සහ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා ‘ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය’ පිළිබඳව වැඩමුළුවක් නොවැම්බර් මස 22 -23 දෙදින තුල පවත්වන ලදී.
දීප ව්‍යාප්තව විනයාරක්‍ෂක රාජකාරී සිදුකරන නිලධාරීන් 14 දෙනෙකු සහ කොමිෂන් නොලත් නිලධාරීන් 52 දෙදෙනෙකු මෙම වැඩමුළුවට සහභාගී වූ අතර, එහිදී ‘ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය හඳුන්වාදීම’, ‘ප්‍රසම්පාදන ක්‍රම’, ‘ලංසු කැඳවීමේ සහ විවෘත කිරීමේ ක්‍රියා පටිපාටිය’, ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය, ඇස්තමේන්තු කිරීම, මණ්ඩල, ලෙජර් ගිණුම් අවසන් කිරීම සහ වාර්තා කිරීම, මූල්‍යමය සහ ටෙන්ඩර් අක්‍රමිකතා යනාදිය පිළිබඳව විස්තර කරනු ලැබීය.
වැඩමුළුව ආරම්භ කරමින් විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් විනයාරක්‍ෂකතුමන් විසින් ආරම්භක දේශනය සිදුකරන ලදී. අනතුරුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී ජී.එස්.කේ සමරතුංග මහතා විසින් දේශනයක් සිදුකරමින් එම ක්ෂේත්‍රය සම්බන්ධව ලබා ඇති අත්දැකීම් සමඟ දැනුම සහභාගී වූවන් වෙත බෙදාදුන්හ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත මෙම වැඩමුළුව පවත්වනු ලැබීය.
වැඩමුළුව සමාප්තියේදී ඊට සහභාගී වූ නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා සහතිකපත් එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී විසින් පිරිනමන ලදී.
සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්, විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් විනයාරක්‍ෂක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.