02nd June 2024 06:17:02 Hours
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ බ්‍රිගේඩියර් එස්.ජේ. කාරියකරවන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 2024 මැයි මස 28 දින එම අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් මාර්ග අනතුරු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.
මාර්ග ආරක්ෂාව පිළිබඳ දැනුම වර්ධනය කිරීම සහ රථවාහන අනතුරු අවම කරගැනීම පිළිබඳව අවධානය යොමුකරමින් මෙම දේශනය ගල්කිස්ස පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමරජීව මහතා විසින් පවත්වන ලදී.