Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2023 09:32:32 Hours

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂක මණ්ඩයේ සාමාජිකයන් ‘යුද සාහිත්‍යය’ පිළිබද දැනුවත් කරයි

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ බදාදා පුහුණු දිනයට සමගාමීව භටපිරිස් සඳහා ‘යුද සාහිත්‍යය’ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය බදාදා (නොවැම්බර් මස 22) දින පැවැත්වූහ.

ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ලුතිනන් කර්නල් ඊ.ඒ.එස් චාමින්ද විසින් සිදුකරනු ලැබූ මෙම දේශනය සදහා එම අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසු නිලයින් 280 කට අධික පිරිසක් සහභාගි වූහ.

වැඩසටහන අවසානයේදී යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ආර්.බී.ඒ බණ්ඩාර ආර්එස්පී විසින් ලුතිනන් කර්නල් ඊ.ඒ.එස් චාමින්ද වෙත ඇගයීමේ සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.