21st October 2023 22:19:03 Hours
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය උපකරණ සැපයුම් ආයතනයක් වන ‘Technomedics International (Pvt) Ltd’ සමගින් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ජීව වෛද්‍ය ඉංජිනේරු නිලධාරීන් 08 දෙනෙකු සහ සෙසුනිලයින් 18 දෙනෙකු සඳහා එක්දින වැඩමුළුවක් පසුගිය බදාදා (ඔක්තෝබර් මස 18) දින එම ආයතන ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.
වැඩමුළුවේ මූලික අරමුණ වූයේ Ultrasound scanners, Syringe pumps and infusion pumps, Diathermy machines, Blood gas machines, Ex ECG machines, Laparoscope and endoscope ඇතුළු බහුලව භාවිතා වන වෛද්‍ය උපකරණ පිළිබඳව පුළුල් දැනුමක් ලබා දීමයි.
‘Technomedics International (Pvt) Ltd’ හි පළපුරුදු සහ සුදුසුකම් ලත් වෘත්තිකයන් පිරිසක් විසින් මෙම වැඩමුළුව පවත්වනු ලැබූ අතර, එහිදී එම වෛද්‍ය උපකරණ ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම පිළිබඳව මනා අවබෝධයක් සහභාගී වූවන් වෙත ලබාදෙන ලදී. වැඩමුළුව අතරතුරදී ප්‍රශ්නොත්තර සැසියක්ද පවත්වා ගැටළු නිරාකරණය කරගැනීමටද අවස්ථාව හිමිවිය.
වැඩමුළුව මගින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෑම රෝහලක් තුළම ජීව වෛද්‍ය කටයුතු වැඩිදියුණු කිරීමට සහ පහසු කරගැනීමට මනා පිටුවහලක් ලබාගත හැක.
‘Technomedics International (Pvt) Ltd’ ආයතනය මගින් යුද්ධ හමුදා ජීව වෛද්‍ය කාර්මික ශිල්පීන්ට පුහුණුව ලබාදෙමින් ඔවුන්ගේ තාක්‍ෂණික දැනුම ඔප්නන්වමින් උසස් නිපුණතාවයකින් යුත් වෘත්තීය නිළධාරීන් පිරිසක් ඇති කිරීමට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.