17th July 2023 21:27:54 Hours
ජාත්‍යන්තරව පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 3 සහ 4 සහිත අර්ධ වාර්ෂික වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරූ යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් සහතිකපත්‍ර පිරිනැමේ උත්සවය පසුගිය අඟහරුවාදා (ජූලි මස 11) දින කලාඔය පිහිටි යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙහිදී, භටපිරිස් වෙනුවෙන් විදුලි කාර්මික පාඨමාලාව, ලී කැටයම් පාඨමාලාව, පෙදරේරු පාඨමාලාව, ජලනළ කාර්මික පාඨමාලාව, බේකරි පාඨමාලාව, සූපවේදී පාඨමාලාව සහ ගබඩා ආරක්ෂක පාඨමාලාව වැනි පාඨමාලා රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.වී. අනිල් සෝමවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ සුරතින් පාඨමාලාව හැදෑරූවන් වෙත ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකපත් ප්රදානය කරනු ලැබීය. එම අවස්ථාව සඳහා වෘත්තීය පුහුණු අධිකාරියේ නිලධාරීන් ද සහභාගී වූහ.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සහයෝගය මත විවිධ රෙජිමේන්තුවලට අයත් කොමිෂන් නොලත් නිලධාරීන් 65 දෙනෙකු මාස 6 ක් පුරාවට පැවති මෙම පාඨමාලාව හැදෑරූහ.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, උපදේශකවරුන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.