Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද මේජර් පළමු පන්තියේ ටී - 20 ක්‍රිකට් තරඟාවලිය සඳහා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම තරඟ වැදී දෙවන ස්ථානය ලබා ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට ද සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම හලාවත එම්.සී.සී, මීගමුව සී.සී, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, කුරුණෑගල වයි.සී.සී. සහ කළුතර ටී.සී ඇතුළු කණ්ඩායම් 26 කට එරෙහිව ‘සී’ කාණ්ඩය යටතේ තරඟ වැදුනු අතර එහිදී තරඟ 5 න් තරඟ 4 ක් ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබිණි.  

තරඟයනිහී ලකුණු පහතින් දැක්වේ;

යුද්ධ හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව කළුතර ටී.සී

යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය - 111 සහ කළුතර ටී.සී - 113 ලෙස කඩුළු 6 කින් ජයග්‍රහණය කිරීමට කළුතර ටී.සී සමත් විය.

යුද්ධ හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව කුරුණෑගල වයි.සී.සී

යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය - 149 සහ කුරුණෑගල වයි.සී.සී - 93 ලෙස ලකුණු 56 කින් ජයග්‍රහණය කිරීමට යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

යුද්ධ හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය - 152 සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය - 120 ලෙස ලකුණු 32 කින් ජයග්‍රහණය කිරීමට යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

යුද්ධ හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව මීගමුව සී.සී.

මීගමුව සී.සී. - 130 සහ යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය - 131 ලෙස කඩුළු 5 කින් ජයග්‍රහණය කිරීමට යුද්ධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. Nike air jordan Sneakers | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival