28th December 2023 21:22:17 Hours
යුද්ධ හමුදා ආධුනික පුහුණු පාසලේ 100 වන බඳවා ගැනීමෙන් පසු එම පාඨමාලාවේ ආධුනික භඨපිරිස් හි සහභාගිත්වයෙන් ක්‍රීඩා උළෙලක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 23) දින පුත්තලම, සිංහවිල්ලුවවත්ත කඳවුරු ක්‍රිඩා පිටියේදී පවත්වනු ලැබීය.
මෙම ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එම්.එන් ගුණසිංහ ආර්එස්පී සහභාගි වූ අතර, එම අවස්ථාවට පුහුණු පාසලේ ලුතිනන් කර්නල් ජේ.ඩබ්ලිව්.එම්.එම්.බී ජයකොඩි සහ මේජර් එස්.එම්.එන්.එම් සමරකෝන් යන ජ්‍යේෂ්ඨ නිලධාරින්ද සහභාගි වූහ.