26th October 2024 15:05:54 Hours
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු චෙස් ශූරතාවලිය පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 ඔක්තෝම්බර් මස 25 දින අවසන් විය. එම තරඟාවලියේ ශූරතාවය සඳහා රෙජිමේන්තු 14 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් තරඟ ඉසව් තුනකින් තරඟවදිමින් දස්කම් ප්‍රදර්ශනය කළහ.
අවසන් මහ තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අධ්‍යක්‍ෂ ජනරාල් පාබල සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා චෙස් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී විසින් ජයග්‍රාහීන් වෙත ත්‍යාග ප්‍රධානය කරණ ලදී.
චෙස් ශූරතාවලියේ සමස්ත ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් හිමිකරගත් අතර ඉංජිනේරු සේවා බළකාය අනුශූරතාවය හිමිකර ගන්නා ලදී.
උණුසුම් තරඟ මාලාවකින් අනතුරුව විවෘත පිරිමි ශූරතාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය දිනාගත් අතර අනුශූරතාව ඉංජිනේරු සේවා බළකාය හිමිකර ගත්තේය. කාන්තා විවෘත කණ්ඩායම් ශූරතාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය විසින් දිනාගත් අතර අනුශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායට හිමිවිය.
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා චෙස් කමිටුවේ උප සභාපති කර්නල් එම්.එම්.එම්.පී. මහේෂ් කුමාර මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් උණුසුම් අවසන් මහා තරඟයන්ට සහ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වූහ.
තරඟාවලියේ සම්මානලාභීන් පහත සඳහන් පරිදි වේ:
විවෘත ඒකල:
- ප්‍රථම ස්ථානය: කෝප්‍රල් ටී.ඒ.ටී. මධුශංක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය.
- දෙවන ස්ථානය: දෙවන ලුතිනන් ආර්.ඩී.ඒ.එම්. සුරවීර ඉංජිනේරු සේවා බලකාය.
- තෙවන ස්ථානය: මේජර් ඒ.ඒ.බී.ඩී.පී අබේවර්ධන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය.
කාන්තා ඒකල:
- ප්‍රථම ස්ථානය: කපිතාන් එම්.පී.එස්. පොල්පිටිය, ඉංජිනේරු සේවා බලකාය.
- දෙවන ස්ථානය: ඉංජිනේරු සෙබළ ජී.ටී.සී. සමරසිංහ, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය.
- තෙවන ස්ථානය: ඉංජිනේරු සෙබළ ආර්.ඒ.ඩබ්ලිව්.එස්. රණසිංහ, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය.
අධිවේගී චෙස් පිරිමි ක්‍රීඩකයා :
- ප්‍රථම ස්ථානය: මේජර් ඒ.ඒ.බී.ඩී.පී. අබේවර්ධන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය.
- දෙවන ස්ථානය: කපිතාන් ඩී.එස්.අයි. සිරිවර්ධන, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය.
- දෙවන ස්ථානය: මාණ්ඩලික සැරයන් එච්.කේ.ජී. සම්පත්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුන.
අධිවේගී චෙස් කාන්තා ක්‍රීඩිකාව:
- ප්‍රථම ස්ථානය: ඉංජිනේරු සෙබළ ජි.ටී.සී. සමරසිංහ, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය.
- දෙවන ස්ථානය: කපිතාන් එම්.පී.එස්. පොල්පිටිය, ඉංජිනේරු සේවා බලකාය.
- තෙවන ස්ථානය: කෝප්‍රල් ඩබ්ලිව්.බී.සී. බන්සාරා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය.
ජයග්‍රාහී පිරිමි කණ්ඩායම් අනුපිළිවෙලින්:
1. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය.
2. ඉංජිනේරු සේවා බලකාය.
3. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය.
ජයග්‍රාහී කාන්තා කණ්ඩායම් අනුපිළිවෙලින්:
1. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය.
2. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය.
3. ශ්‍රී ලංකා සංඥා බලකාය.
ජයග්‍රාහී සමස්ත හොඳම රෙජිමේන්තුව අනුපිළිවෙලින්:
1. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය.
2. ඉංජිනේරු සේවා බලකාය.
3. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය.