23rd November 2024 12:01:20 Hours
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු කබඩි ශූරතාවලිය 2024 නොවැම්බර් මස 22 දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී සාර්ථකව අවසන් විය. එහිදී, විවිධ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම තරඟාවලියේදී සිය දස්කම් විදහා දක්වන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කබඩි කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඒ.එම්.කේ.ජී.පී.එස්. කේ.අබේසිංහ මහතා සහභාගී විය.
උණුසුම් තරඟ මාලාවකින් පසුව, නවක පිරිමි කණ්ඩායම් ශූරතාවලියේ ශූරයන් ලෙස ඉංජිනේරු සේවා රෙජිමේන්තුව පත්විය. අනුශූරතාවයට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව හිමිකම් කියූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය දෙවන අනුශූරතාවය හිමිකර ගන්නා ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.