Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th January 2020 15:14:46 Hours

යුද්ධ හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද අතේගෙන යා හැකි ප්‍රක්ෂේප පරිඝණක එළිදක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අවශ්‍යතාවන්ට සරිලන දේශීය තාක්‍ෂණික හැකියාවන් ගොඩනැගීම සඳහා වගකිවයුතු හා කැපවූ යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන ශාඛාව ‘ශ්‍රී මාන’ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා හමුදාව විසින් ප්‍රථමවරට නිෂ්පාදනය කරන ලද අතේගෙන යා හැකි ප්‍රක්ෂේප පරිඝණක පසුගියදා එළිදැක්විය.

මෙමඟින් පරිගණක යෙදුම් හරහා අවි ආයුධ පරිහරණය කිරීමේ කුසලතා වැඩිදියුණු කිරීම සහ නිවැරදිව අවි ආයුධ ඉලක්ක ගත කිරීමේ කාර්යක්‍ෂමතාව වැඩිදියුණු කරනු ඇත. මෙම අතේ ගෙන යා හැකි ප්‍රක්ෂේප පරිඝණකයට එකම අවි වර්ගයක්, එකම ස්ථානයක සහ එකම මෙහෙයුමේදී අසමසම නම්‍යශීලී බවක් ඇති කිරීමටත් එකවර එක් අවි වර්ගයක් හෝ බහු ආයුධ වර්ග සමඟ ඵලදායි ලෙස ඉලක්කගත කිරීමේ හැකියාව ද පවතී.

අනාගතයේදී සිය කාලතුවක්කු අවි මෙහෙයුම් ඒකාබද්ධ කිරීම සඳහා මෙම පරිඝණකගත විධානය සහ පාලන පද්ධතිය ඇතුළත් කිරීම මගින් ජාල කේන්ද්‍රීය යුද හැකියාවන් අත්පත් කර ගැනීමේ පළමු පියවර ආරම්භ කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අපේක්ෂා කරයි. මෙම අවස්ථාවට යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන ශාඛාවේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අකුරන්තිලක, කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.පී. කරුණාරත්න, ව්‍යාපෘතියේ ප්‍රධාන විමර්ශක කර්නල් එස්.ඩි. උදයසේන සහ කාලතුවක්කු පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් සී. තෙන්නකෝන් සහභාගි වුහ. latest Nike release | Nike Shoes