19th May 2023 19:42:41 Hours
මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකයට අයත් 551 පාබල බලසේනාවේ භටපිරිස් මැයි මස 15 දින කරවෙඩ්ඩි, රජගාමනින් ශ්‍රී නාරද විද්‍යාලයේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් 52 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදුන් අතර ගුරු භවතුන් 19 දෙනෙකු වෙත වියළි ආහාර සළාක පාර්සක් හා ඇඳුම් පරිත්‍යාග කෙරිණි.
මෙම පරිත්‍යාග වැඩසටහන 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහ 551 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ජේ. කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 551 පාබල බලසේනාවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.
මෙම පරිත්‍යාග වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක කර්නල් බී.ඩී.ටී.ඩී. ජයරත්න පීඑස්සී සහ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් විසින් සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා පූජ්‍ය මීගහවතුරේ සිරි විමල හිමිපාණන්, එන්. සුරේන්ද්‍රන් පියතුමන්, කරවෙඩ්ඩි කලාප අධ්‍යාපන අධ්යක්ෂ, 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, ශ්‍රී නාරද විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරු භවතුන් සහ සිසු සිසුවියන් සහභාගී වූහ.