Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th November 2023 20:37:28 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් මුලතිව් ප්‍රදේශයේ පවුල් වෙත පොල් පැළ 1335 ක් බෙදාදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් මගින් එම ප්‍රදේශයේ යෝජිත ‘2 වන පොල් ත්‍රිකෝණය’ ස්ථාපිත කිරීමේ වැඩසටහනේ 2 වන අදියර වශයෙන් මුලතිව්, පුදුකුඩිඉරිප්පු, තෙරවිල් සහ සුගන්දිපුරම් ප්‍රදේශයන්හි පදිංචි පවුල් වෙත පොල් පැළ 1335 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (නොවැම්බර් මස 06) දින පැවැත්වීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත 68 පාබල සේනාංකයේ 681 පාබල බලසේනා බලප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 06 නියෝජනය කරමින් පවුල් 26 ක් වෙත පොල් පැල බෙදා දෙන ලදී.

6 ගැමුණු හේවා බලකායේ භටපිරිස් තෙරවිල් ප්‍රදේශයේදීද, 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සුගන්දිපුරම් ප්‍රදේශයේදී පොල් පැළ බෙදා දීම සිදුකරනු ලැබූහ.

පොල් පැළ බෙදාදීමේ වැඩසටහන 681 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්. විජේසිරිවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම මත භටපිරිස් විසින් සිදුකරනු ලැබීය.