Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th December 2024 13:20:41 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් දිඹුලාගල ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග කරයි

231 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් දිඹුලාගල, කළුකැලේ විජය පරාක්‍රම කනිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන් 233 දෙනෙකු වෙත පාසල් ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 21 දින පවත්වන ලදී.

231 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් සහ 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

එම්.ඒ. දයාරත්න, ඉන්දික සිල්වා සහ සෙහාන් ධනංජය යන මහත්වරුන් නියෝජනය කරනු ලබන ‘Wide Vision’ පදනම වෙතින් මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා සිය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් සහභාගී වූ අතර තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ දිඹුලාගල සහකාර ප්‍රාදේශීය ලේකම් ද වැඩසටහන සඳහා සහභාගී වූහ.