Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2023 21:35:56 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ක්‍රිස්තු රජුගේ දේවස්ථානය ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ 222 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් මූලිකත්වයෙන් සීනිපුර, ක්‍රිස්තු රජුගේ දෙව්මැදුර සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර දශක තුනකට පසුව පැවැත්වූ ප්‍රථම දේව පූජාව පසුගිය ඉරිදා (නොවැම්බර් මස 26) දින පවත්වනු ලැබීය.

සීනිපුර, සීනි කම්හල් පරිශ්‍රයේ ස්ථාපිත ක්‍රිස්තු රජුගේ දෙව්මැදුර මූල්‍යමය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් වසර තිහකට ආසන්න කාලයක් අඛණ්ඩව දේව මෙහෙයන් සිදුනොකර අත්හැර දමා තිබුණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ 22 පාබල සේනාංකයේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් අනුව 222 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ආර්.කේ.ඒ.ආර්.පී රත්නායක ගේ සහ 5(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.බී වෑකඩපොල යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත හමුදා සාමාජිකයින්ගේ දායකත්වයෙන් දෙව්මැදුරු පරිශ්‍රය පිරිසිදු කරමින් තීන්ත ආලේප කර සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය.