27th June 2023 21:22:18 Hours
55 පාබල සේනාංකයේ සංකල්පයකට අනුව ආරම්භ කරනු ලැබු ඉංග්‍රීසි, දමිළ සහ සිංහල ඉගැන්වීමේ පාඨමාලා හදාරනු ලබන දමිළ සහ සිංහල සිසුන් එක්ව ඉදිරිපත් කරන ලද විනෝදාස්වාදජනක ප්‍රශංගයක් වැඩසටහනක් ඉකුත් සෙනසුරාදා (24) දින 55 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබු අතර, එම අවස්ථාව සඳහා කඩ්ඩෙයිකාඩු සහ කෙවිල් ප්‍රදේශයේ ආරාධිතයන් සහ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් සහභාගී වූහ. ආරක්ෂක සේනා ආඥාපති - යාපනය උපදෙස් මත 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්ඩබ්ලිව්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ අධීක්ෂණය යටතේ
55 පාබල සේනාංක මූලස්ථානය විසින් භාෂා ත්‍රිත්වය හැදෑරු සිසුන් සඳහා සංවිධානය කරන ලද ඉංග්‍රීසි, දමිළ සහ සිංහල භාෂා ප්‍රවීණතාවයන් බොහෝ දුරට සම්පූර්ණ කර ඇති බැවින්, සිසුන් සඳහා භාෂාමය කුසලතා ඔප්නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. දමිළ, සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් සිය අදහස් හුවමාරු කර ගැනීමට හැකියාව හුවමාරු කරගැනීම තුළින් ජාතීන් අතර සංහිඳියාව සහ සහජීවනය ප්‍රවර්ධනය කරගැනීමට හැකි වේ. මෙම පාඨමාලාව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිනන් කර්නල් කේ.කේ.ඩී.ආර් චමින්ද ගේ අධීක්ෂණය යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය ඉංග්‍රීසි උපදේශක කපිතාන් ජේ.එම්.ජේ.ඩී රණසිංහ විසින් මෙහෙයවන ලදී.
සිසුන් 150 ක සහභාගීත්වයෙන් පැවති මෙම විවිධ ප්‍රසංගය ඉංග්‍රීසි, සිංහල සහ දමිළ ගීත, නාට්‍ය, කවි, දේශන සහ නැටුම් ඇතුළු ප්‍රසංග මාලාවකින් සමන්විත විය. වැඩසටහන සඳහා සහභාගී වූ සියලු දෙනා වෙත තිළිණ ප්රදානය කරනු ලැබු අතර උත්සවයෙන් අනතුරුව ආරාධිතයන් සඳහා චුන්ඩුකුලම් නේචර් පාර්ක් හොලිඩේ රිසෝට් හිදි විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පැවැත් විය. ඒ සඳහා සිවිල් වැසියන් 500 කට වැඩි පිරිසක් සහභාගී වූහ. 55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විවිධ ප්‍රසංගය සඳහා සහභාගි විය. තවද එම අවස්ථාව සඳහා ගරු අමල්රාජ් පියතුමා, කිලිනොච්චිය පොලිස් කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් ගුණරත්න, මරුතන්කේනි දිස්ත්‍රික් ලේකම් ප්රභාකමූර්ති, 552 සහ 553 බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්, රජයේ නිලධාරීන්, ප්‍රජා නායකයින්, දෙමාපියන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වූහ. වැඩසටහන අවසානයේදී, මරුතන්කේනි ප්‍රාදේශීය ලේකම් සහ කඩ්ඩෙයික්කාඩු කෝවිලේ පූජකතුමන් විසින් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 55 පාබල සේනාංකය විසින් ගන්නා ලද උත්සාහය අගයමින්, හින්දු සම්ප්‍රදායට අනුව 55 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත මල්මාලා පළඳවා රන් සළුව ප්රදානය කරන ලදී.