Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th August 2019 13:13:51 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් කොඩිකාමන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදෙයි

යාපනය, කොඩිකාමන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලකට පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහය ඇතිව යුද්ධ හමුදාව විසින් ඉදිකරන ලද නිවසක් ඉකුත් සඳුදා (05) දින පැවැති කෙටි උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙන ලදී.

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීමකට අනුව ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මහතාගේ සහ ව්‍යාපෘති සම්බන්ධිකරණ නිලධාරී චින්තක ද සොයිසා මහතාගේ අනුග්‍රහය ඇතිව නිදන කාමර 2 ක්, විසිත්ත කාමරයක් සහ මූළුතැන්ගෙයකින් සමන්විත නව නිවස 522 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 15 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්ව යොදාගනීමින් ඉදිකරන ලදී. නිවාසලාභි රාජරත්තිරම් ජයකුමාරි මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස පීත්ත පටිය කපා විවෘත කිරීමෙන් අනතුරුව අනුග්‍රාහකයන් විසින් නිවසට අවශ්‍ය නව ගෘහ භාණ්ඩ තොගයක් ද ප්‍රදානය කරන ලදී.

හින්දු සම්ප්‍රදායානුකූලව පැවැති නව නිවස භාරදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය සහභාගි වූ අතර අනුග්‍රාහක භාතිය ජයකොඩි මහතා සහ නිලධාරී චින්තක ද සොයිසා මහතා ද ඊට සහභාගි වූහ.

තවද මෙම අවස්ථාව සඳහා 52 වන සේනාංකායේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.එස්. වඩුගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ. Buy Kicks | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!