Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th August 2023 23:55:20 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය මහරගම අපේක්‍ෂා රෝහලේ නිල සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය පසුගිය සඳුදා (අගෝස්තු මස 14) දින මහරගම අපේක්‍ෂා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන්ගේ සුවදුක් සොයාබැලීමේ අරමුණින් නිල සංචාරයක නිරත වූහ.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රජා සත්කාරක කටයුත්තක් ලෙස එම ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේදී අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම සහ රෝහලේ ප්‍රතිකාර ලබන 800 ක පමණ රෝගීන් වෙනුවෙන් පෝෂ්‍යදායී දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමද සිදුකරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්, ජානකී ලියනගේ මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයයේ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් රෝගීන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව රෝහල් බලධාරීන් වෙත රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ තොගයක් භාර දෙන ලදී.

වැඩසටහන සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් එන් මහවිතාන කේඑස්පී සහ යුද්ධ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුද එක්ව සිටියහ.