Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th January 2020 15:28:30 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමයාමට නියමිත මේජර් ජෙනරාල් රවිප්‍රිය ගේ සේවය පැසසුමට ලක් කරයි

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සඳුදා (13) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත යුද්ධ හමුදාවේ ආදර්ශවත් නිලධාරියෙක් වන මේජර් ජෙනරාල් ජී. විජිත රවිප්‍රිය දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් කරන ලද ආදර්ශමත් සේවය පැසසුමට ලක් කළේය.

මේජර් ජෙනරාල් රවිප්‍රිය ගේ කීර්තිමත් යුද්ධ හමුදා වෘත්තිය අගය කරමින් යුද්ධ හමුදාවේ සංවර්ධනයට සහ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා දැක්වූ ආදර්ශමත් දායකත්වය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිහිපත් කළේය. විශ්‍රාම දිවියට පිවිසීමට නියමිත මේජර් ජෙනරාල් රවිප්‍රිය සමඟ සුහද පිළිසදරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය සුභ පැතුම් එක් කළේය.

මෙම සුහද පිළිසදර අවසානයේ, විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය ප්‍රශංසාවට ලක් කරමින් සංකේතාත්මක සමරුතිළිණයක් ද ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් නිලධාරීයෙකු වන මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ රෙජිමේන්තුවේ සහ යුද්ධ හමුදාවේ අණ හා මණ්ඩලික තනතුරු රාශියක් හොඹවා ඇත. ඒ අතරින්, යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ, 57 වන සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මෙන්ම යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, සැලසුම් අධ්‍යක්‍ෂ ඇතුළු දෙස් විදෙස් කීර්තිමත් තනතුරු රැසක් හොබවා ඇත.

එතුමන් විශ්‍රාම යාමට ප්‍රථම අවසන් පත්වීම ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති තනතුර හෙබවීය. jordan release date | Nike Air Max 270