Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2023 12:38:36 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ නායයෑමට ලක්වූ ස්ථානයේ අවහිරතා ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කරයි

61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් ඉකුත් බදාදා (ඔක්තෝබර් මස 11) දින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අන්තර් හුවමාරුව අතර කිලෝමීටර් 102 කණුව අසල කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරීමට සිය දායකත්වය ලබාදුන්හ.

නාය ගිය ස්ථානයේ යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලබන ක්‍රියාවලිය නිරීක්‍ෂණය කිරීම සඳහා ගරු. ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ඉකුත් බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 12) දින එම ස්ථානයේ සංචාරයක නිරත විය.

එම අවස්ථාවට සපැමිණි ගරු. ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ යුද්ධ හමුදාධිපතිතුමන් පස් ඉවත්කිරිමේ කටයුතුවල නිරත භටපිරිස් අගය කරමින් අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දෙමින් ඔවුන් සමඟ සුහඳ අදහස් හුවමාරුවක ද නිරත විය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.