Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st March 2023 09:13:21 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් අමතයි

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් හමුවීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (මාර්තු මස 30) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ සංචාරයක නිරත විය.

ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකකයන් නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කළේය. එහිදී, දුෂ්කර කාලසීමාවක් තුළ සියලු ජනවාර්ගික වැසියන් සමඟ සහයෝගීතාවයෙන් යුතුව සිය වෘත්තියෙහි ගෞරවය සහ විනය ආරක්‍ෂා කරගනිමින් කාර්යක්‍ෂමව රාජකාරි ඉටුකිරීම පිළිබඳව සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුදකළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් ඇමතීමෙන් අනතුරුව එතුමන් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර අතර විශේෂ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය. ඉන් අනතුරුව සෙසුනිල භෝජනාගාරයේ පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක් වූ යුද්ධ හමුදාධිපතිතුමන් සියලු නිලයන් සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරතවිය.