Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th March 2025 16:13:20 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් අනුරාධපුර අභිමංසල-1 සුවතා නිකේතනයේ සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 මාර්තු මස 11 දින රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති අනුරාධපුර අභිමංසල-1 සුවතා නිකේතනයේ නිල සංචාරයක නිරත විය.

එම සුවතා නිකේතනයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. ඉන් අනතුරුව, එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවෙකු විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මියව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරය අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් එම සුවතා නිකේතන පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙමින් නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීය. පසුව, එතුමන් රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය. මෙම අවස්ථාවේදී, එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවෙකු විසින් නිර්මාණය කරනු ලැබූ සමරු සිහිවටනයන් යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ස්වෙන්ද්‍රිනි රොද්‍රිගෝ මහත්මිය වෙත පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, විධායක ජෙනරාල්, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ, 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.