Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

යාපනය භට පිරිස් වෙතින් ප්‍රජා සත්කාර ව්‍යපෘති

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 552 බලසේනාවට අයත් 23 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් මැයි මස (27) දින කච්චිවෙලි දිනේෂ් පෙර පාසලේ සිසුන් 15 ‍දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කළ අතර, ඉන් එක් පර්සලයක වටිනාකම රුපියල් 500/= ක් පමණ වේ.

මේ අතර, 551 වන බලසේනාවට අයත් 18 වන ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් මැයි මස (28) දින සංචාරක ආකර්ෂීත 'Sakkottai Flag Area' ප්‍රදේශයේ පිරිසිදු කිරිමේ ව්‍යපෘතියක නිරත විය.

එමෙන්ම, 533 වන බලසේනාවට අයත් 10 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් නගර් කොවිල් ග්‍රාම නිලධාරි බළ ප්‍රදේශයේ පිහිටි කලේහිමහල් පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ‘ශ්‍රාමදාන වැඩසටහනක්’ මැයි මස (27) දින පවත්වනු ලැබු අතර, ඒ සඳහා නිලධාරියෙකු සහ සෙසුනිලයින් 10 දෙනෙකු එක්ව සිටියහ.

Running Sneakers | Autres