Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2023 21:28:02 Hours

යාපනය භටපිරිස් හි මූලිකත්වයෙන් නාවට්කුලි ‘ලක්දරු’ පෙර පාසලේ විවිව ප්‍රසංගය සාර්ථකව පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 11 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස්හි සහාය ඇතිව යාපනය, නාවට්කුලි ප්‍රදේශයේ පිහිටි ‘ලක්දරු’ පෙර පාසලේ පළමු වසර අවසාන විවිධ ප්‍රසංගය සදහා පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 10) දින පැවැත්වීය.

උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති යාපනය නාවට්කුලි සිංහල ගම්මානයේ පිහිටි මෙම පෙර පාසලේ වාර්ෂික අවසන් විවිධ ප්‍රසංගය පළමු වරට පෙර පාසලේ ඉගෙනුම ලැබු සියලුම දරුදැරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

විවිධ ප්‍රසංගය අතරතුරදී 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ සහ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් පරිත්‍යාගශීලීන් පිරිසක් විසින් පෙර පාසලේ දරුදැරියන් සඳහා රු.90,000.00 ක වටිකානමකින් යුත් ලිපි ද්‍රව්‍ය සහ සෙල්ලම් බඩු තොගයක්ද යාපනය, ‘Thiyagi Charitable Trust Pvt Ltd ‘ මගින් රු.175,000.00 ක වටිකානමකින් යුත් පාසල් නිල ඇඳුම් සහ ලිපි ද්‍රව්‍ය තොගයක්ද යාපනය, ‘Thavam‘ පදනම මගින් රු.125,000.00 වටිකානමකින් යුත් සංගීත භාණ්ඩ සහ ප්‍රථමාධාර කට්ටලයක් ද ඕස්ට්‍රේලියාවේ ‘Imaging Compassion International PLC‘ වෙතින් ඉදිරි වසර සඳහා රු.50,000.00 ක වටිකානමකින් යුත් පාසල් නිල ඇඳුම් තොගයක්ද පරිත්‍යාග කරන ලදී.

උත්සව අවස්ථාව සදහා 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.