Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2016 09:56:00 Hours

යාපනය භටපිරිස් සංවිධානය කළ ළමා දින විශේෂ වැඩසටහන

යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන භටපිරිස් විසින් ලෝක ළමා දිනය වෙනුවෙන් නෙල්ලිඅඩි පෙර පාසල් ළමුන් සඳහා පසුගිය සෙනසුරාදා (01) උදෑසන පලාලි ගුවන් තොටුපලේ සංචාරය කිරීමට අවස්ථාව උදාකර දෙන ලදි.

මෙම වැඩසටහන උතුරේ සන්හිදියාව ඇති කිරීමේ අදිටනින් සිදු කළ අතර, මෙම සංචාරය ඔවුන් හට ලැබුණු ප්‍රථම අත්දැකීම් වේ.

උතුරු පළාත් සභා මන්ත්‍රී එස්. අකිලදාස්ගේ ඉල්ලීමකට අනුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් නෙල්ලිඅඩි පෙර පාසලේ එම සිසුන් සඳහා මෙසේ සංචාරය කිරීමට පහසුකම් සලසන ලදි.

මෙම පෙර පාසල් සිසුන් කණ්ඩායම පලාලි ගුවන් තොටුපලෙහි සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙය වේ. ගුරුවරුන් තිදෙනෙක්, දෙමාපියන් 45 දෙනෙක් සහ සිසුන් 88 දෙනෙක් මෙම සංචාරය සඳහා එක්ව සිටියහ. එහිදි ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් මෙම සියලුදෙනා වෙත කෙටි ආහාර සහ සිසිල් බීම ලබාදීම සිදුකෙරිනි.

ඔවුන් ගුවන් තොයුපලෙහි සංදාරයෙන් අනතුරුව කන්කසන්තුරේ නාවික හමුදා කඳවුර ද නරඹන ලදි.

Sports brands | Nike Releases, Launch Links & Raffles