Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th March 2023 19:35:45 Hours

යාපනය භටපිරිස් වෙනුවෙන් ‘සාර්ථක ජීවිතයක්’ මැයෙන් දේශනයක්

51, 52 සහ 55 වන සේනාංකයන්හි සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් 2023 මාර්තු මස 4 දින සිට 6 දින දක්වා කාලය තුළ ‘සිතුවිලි සාරා සාර්ථක ජීවිතයක්’ මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් වෙනුවෙන් පවත්වනු ලැබූ මෙම කාලෝචිත දැනුවත් කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ විශ්‍රාමික බළලත් නිලධාරි ඩබ්ලිව්.පී. සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

දේශන මාලාවේ ආරම්භය සනිටුහන් කරමින් ප්‍රථම දේශනය මාර්තු මස 04 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ ඒ යටතේ ස්ථාපිත කඳවුරුවල සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් 300 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.එසේම, එම දේශනය මාර්තු 5 සහ 6 දෙදින තුළ 51, 52 සහ 55 වන පාබල සේනාංක මූලස්ථානයන්හිදී පැවැත්විණි. මෙම අධ්‍යාපනික වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ඒ යටතේ ස්ථාපිත සේනංකයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ. මෙම අධ්‍යාපනික දේශන මාලාව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ගේ මඟපෙන්වීම හා සම්බන්ධීකරණය මත පැවැත්විණි.