Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd November 2023 20:50:04 Hours

යාපනය ප්‍රදේශයේ භටපිරිස් මුරුගන් හින්දු කෝවිල් පරිශ්‍රය පිරිසිදු කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ 521 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ජාතීන් අතර ආගමික සහජීවනය වැඩිදියුණු කිරීමේ අරමුණින්, පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 28) දින පුලෝලි, මුරුගන් හින්දු කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකරනු ලැබීය.

යුද්ධ හමුදාවේ මෙම සමාජ සත්කාරක වැඩසටහන මුරුගන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන්ගේ ඇගයීමද ලක්වූහ.