Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2020 14:39:40 Hours

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් තෛයිපොංගල් උත්සවයකට එක්වෙයි

වාර්ෂික තෛයිපොංගල් දිනයට සමගාමීව, යාපනයේ භටපිරිස් පේදුරුතුඩුව ප්‍රදේශයේ සිවිල් ජනතාව සමඟ අත්වැල් බැඳගනිමින් විශේෂ තෛයිපොංගල්  උත්සවයක් ඉකුත් බදාදා (15) දින අල්වායි ශ්‍රී වල්ලිපුරම් සිවම් කෝවිලේ දී පවත්වන ලදී.

මෙම පූජනීය ස්ථානයේ සාම්ප්‍රදායික හින්දු ආගමික උත්සවය සැමරීම සඳහා බැතිමතුන් සහ හින්දු ආගමික පූජකවරුන් විශාල පිරිසක් සහභාගී වූ අතර යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 55 වන සේනාංකය විසින් ක්‍රියාකාරීව සංවිධානය කරන ලදී.

තවද, මෙම අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති, 55 හා 51 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දමිළ නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ. Nike Sneakers Store | adidas Yeezy Boost 350