Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2016 18:49:21 Hours

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන යුද හමුදා සාමාජිකයින් ජාත්යදන්තර මානුෂවාදී නිතිය පිළිබඳව දැනුවත් කරයි

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන් හි රාජකාරී නියුතු යුද හමුදා සාමාජිකයින් සඳහා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ දින දෙකක වැඩමුළුවක් එම ආරක්ෂකා සේනා මූලස්ථාන ශ්‍ර‍වනාගාරයේ දී ජුනි මස 14 සහ 15 යන දිනයන්හි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබීය. මෙම වැඩමුළුව යුද හමුදා මූලස්ථානයේ මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සාමාජිකයින් විසින් මෙහෙයවනු ලැබීය. එම වැඩමුළුව මගින් අනාගත අභියෝග හමුවේ යුද හමුදා අණ දෙන නිලධාරීන්, සාමාජිකයින්ගේ වගකීම් සහ ජාත්‍යන්තර සන්නද්ධ ගැටුම්වලදී මෙන්ම රාජ්‍ය නොවන ජාත්‍යන්තර සන්නද්ධ ගැටුම්වලදී යුද හමුදාව මුහුණ දෙන ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලැබීය. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩමුළුව සඳහා සහභාගි වූහ.Running sport media | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite