Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th June 2017 09:10:24 Hours

යාපනයේ වෛද්‍ය සිසුන් කණ්ඩායමක් වෙතින් බුලත්සිංහල පාසල් සිසුන් වෙත පාසල් උපකරණ

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන් 14 දෙනෙකු, යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හා සම්බන්ධිකරණයෙන් කොළඹට පැමිණ ගංවතුරෙන් විපතට පත් බුලත්සිංහල, යටිගම්පිටිය කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සඳහා පාසල් උපකරණ තොගයක් සිකුරාදා (09) දින පරිත්‍යාග කරනු ලැබුහ.

ඒ අනුව, යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසින් රුපියල් ලක්ෂ 3 ක වටිනාකමකින් යුත් පාසල් බෑග්, වතුර බෝතල්, ලිපිද්‍රව්‍ය සහ අනෙකුත් අධ්‍යාපනික උපකරණ ඇතුලත් පාසල් උපකරණ තොගයක් සහ පාසලේ අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් රුපියල් 30,000 ක මුදලක් ද පරිත්‍යාග කරන ලද අතර ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක විසින් එම කටයුතු සංවිධානය කරනු ලැබිය.

මීට පෙර ද මේජර් ජෙනරාල් සේනානායක ගේ සම්බන්ධිකරණයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් බුලත්සිංහල ප්‍රදේශයේ විපතට පත් පාසල් සිසුන් වෙනුවෙන් කොළඹ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ද ඇතිව පාසල් උපකරණ තොගයක් පරිත්‍යාග කළ අතර, මෙවර පැමිණෙන ලද්දේ එම විශ්ව විද්‍යාලයේ දෙවන කණ්ඩායම වේ.

Sportswear Design | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet