Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th December 2019 17:14:37 Hours

යාපනයේ යුද්ධ හමුදා සාමාජිකයින් 700 වැනි නිවසත් ඉදිකරයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් අර්ධද්විපයේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා ඉදිකරන ලද නිවාස ව්‍යාපෘතියේ 699 සහ 700 වන නිවාස ද ඉකුත් අඟහරුවාදා (17) දින පැවති කෙටි උත්සවයකදී විවෘත කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් ගේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මූලිකත්වයෙන් දියත් කරනු ලබන තවත් මූලික ප්‍රජා ව්‍යාපෘතියක් යටතේ කරවෙඩ්ඩි සහ පේදුරුතුඩුව ප්‍රදේශයන්හි අභිනවයෙන් ඉදිකරන ලද නිවාස දෙක කුමාර් විරසුරීය මහතා සහ ඔහුගේ මිතුරන්ගේ අනුග්‍රහය ඇතිව 551 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 16 වන පාබල හමුදාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් 2009 වර්ෂයේ සිට යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභි පවුල්වල ජීවන තත්ත්වය නංවාලීම සඳහා නව නිවාස ඉදිකිරිම්, අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ පාසල් උපකරණ බෙදාදීම්, වෛද්‍ය සායන පැවැත්වීම ඇතුළු තවත් සමාජ සුභසාධන ව්‍යාපෘති රැසක් සිදුකර ඇත.

රාජ‍්‍ය හා පෞද්ගලික අංශ ආයතන සහ විදේශිකයින් ඇතුළු පරිත්‍යාගශීලින්ගෙන් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයට ලැබුණ නොමසුරු දායකත්වයෙන් යාපනය ආර්ධද්වීපයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල්වල වැසියන්ට නව නිවාස ඉදිකිරිම සඳහා යුද්ධ හමුදාව ප්‍රමුඛත්වයක් ලබාදුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට යුද්ධ හමුදාවේ ඉංජිනේරු තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වය ඇතිව පරිත්‍යාගශීලින්ගේ අනුග්‍රහය හා අමුද්‍රව්‍ය යොදාගනිමින් නිවාස 700 ක් ඉදිකර දී ඇත.

55 වන සේනාංකයේ සහ 551 වන බලසේනාවේ අධීක්‍ෂණය හා සම්බන්ධිකරණයෙන් මෙම නිවාස දෙක ඉදිකරන ලද අතර නව නිවාස දෙකට අවශ්‍ය ගෘහභාණ්ඩ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය භටපිරිස් විසින් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරා‍ධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය සහභාගි වූ අතර පරිත්‍යාගශිලි කුමාර් වීරසූරිය මහතා ඇතුළු ඔහුගේ මිතුරන්, යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායහන් මහතා, යාපනයේ ඉන්දියානු කොන්සල් ජෙනරාල් එස්. බාලචන්ද්‍රන් මහතා, 51, 52 හා 55 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ජෙ‍්‍යෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශවාසින් රැසක් ද සහභාගි වූහ.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රතිලාභීන් සහ ප්‍රදේශවාසින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර නිවාසලාභීන්ට දිරිදීමනා වශයෙන් ත්‍යාග පාර්සල් කිහිපයක් ද ප්‍රදානය කරන ලදී. Nike shoes | Nike Air Force 1 , Sneakers , Ietp STORE