Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd October 2017 19:32:38 Hours

යාපනයේ භට පිරිස් මූලික යෝගා පාඨමාලාව සාර්ථකව හදාරයි

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් වෙනුවෙන් පැය 50 ක යෝගා පුහුණු වැඩසටහනක් සැප්තැම්බර් මස 25 සිට 30 දින දක්වා ‘ශිවනාද හත යෝගා මූලික පාඨමාලාව’ නමින් යෝගා ආශ්‍රම් අධ්‍යක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ මහත්මිය විසින් පවත්වනු ලැබීය.

නිලධාරින්ගේ සහ සෙසුනිලයින්ගේ මානසික සුභසිද්ධිය, සතුට සහ පෞරුෂත්වය වර්ධන කිරීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් මෙම නව පාඨමාලාව හඳුන්වාදෙනු ලැබීය. තවද, මෙම පාඨමාලාව මානසික ආතතිය මැඩපැවැත්වීමට, සාමය සහ සමගිය වැඩිදියුණු කිරීම සඳහා සහාය වනු ඇත.

මෙම පාඨමාලාව අවසාන දින ( 30) යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී සහභාගිවූවන් හට සහතිකපත් පිරිනමනු ලැබීය.

buy footwear | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp