Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th April 2016 16:54:11 Hours

යාපනයේ භට පිරිස් නව අවුරුදු උදාව සමරයි

සිංහල හා දමිළ නව අවුරුද්දට සමගාමිව යාපනය ආරක්ෂක සේනා ඉදිරි නඩත්තු පෙදෙස විසින් සෙනසුරාදා (16) දින යාපනය ‘පොල්සෙවණ’ ක්‍රීඩා පිටියේ දී බක්මහ උළෙලක් සංවිධානය කරනු ලැබීය. ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති බ්‍රිගේඩියර් එන්. කොස්වත්තගේ ආරාධනයෙන් සම්ප්‍ර‍දායික නව අවුරුදු කෙලි සෙල්ලම් රැසක් ඇතුලත්ව තිබූ මෙම අවස්ථාව සඳහා යාපනය ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූවේය. සිංහල සහ දමිල සංස්කෘතිය විදහා දක්වන විශේෂාංග රැසක් ද මෙම අවුරුදු උත්සවයට එක් කොට තිබිණි. යාපනයේ සේවයේ නියුතු භට පිරිස් මෙම සංස්කෘතිකාංග විදහා දැක්වීමට එක් වූහ. යාපනයේ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුලු ආරාධිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. jordan Sneakers | Nike News