23rd January 2024 16:27:13 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම සේවා වනිතා ශාඛාව වෙතින් පසුගිය සදුඳා (ජනවාරි මස15) දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී ඇස් කණ්ණාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.
මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා පුෂ්පකුමාරි පදනමේ සාමාජිකයින් සමඟ ජගත් පුෂ්පකුමාර මහතා එක්ව මූල්‍ය දායකත්වය ලබාදෙනු ලැබීය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී සහභාගි වූහ. මෙම අවස්ථාවට සහභාගී වූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් විසින් වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබූහ.