Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th February 2017 10:40:52 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සිය 10 වන සංවත්සරය සමරයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව පසුගියදා කැකිරාව, දඹුලුහල්මිල්ලවැව පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී වැඩසටහන් මාලාවක් සමඟින් සිය 10 වන සංවත්සරය සමරන ලදි.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංගගේ සහභාගීත්වයෙන් ජය ශ්‍රී මහා බෝධිය අභියස පැවති ආගමික වතාවත් සමඟින් සංවත්සර සැමරුම් වැඩසටහන් මාලාව ආරම්භ කළ අතර, සියලු නිලයින්ගේ සහභාගීත්වයෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් ද පවත්වනු ලැබීය.

තවද, කතරගම කිරිවෙහෙර සහ කතරගම දේවාලයේ දී ද ආගමික වතාවත් සිදු කළ අතර, වහාකොට්ටේ, රෝමානු කතෝලික දේවස්ථානයේ දී කතෝලික ආගමික වතාවත් ද, ගලේවෙල හින්දු කෝවිලේ දී හින්දු ආගමික වතාවත් ද, පුවක්පිටිය මුස්ලිම් දේවස්ථානයේ දී ඉස්ලාම් ආගමික වතාවත් ද සිදු කරන ලදි.

මෙම සංවත්සරයේ හමුදාමය වැඩකටයුතු ආරම්භ කරමින් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග වෙත කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමු අතර, මෙම සංවත්සර වැඩසටහන සඳහා බලඇණි 05 නියෝජනය කරමින් නිලධාරීන් 40 ක් සහ සෙසු නිලයින් 600 ක් සහභාගි වූහ.

මෙම වැඩසටහනේ අවසන් අංගය ලෙස බලලත් නිලධාරී සහ සැරයන් නිවස්න රාත්‍රිභෝජන සංග්‍රහය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එච්.එම්.යු. හේරත් සහභාගි විය.

latest Running Sneakers | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp