Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th January 2016 17:13:37 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ පුහුණු දිනය පවත්වයි

යුද හමුදාපතිතුමාගේ උපදෙස් පරිදි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් නිලධාරි පුහුණුවිම් දිනය ජනවාරි 06 වන දින එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරාගේ මගපෙන්විම මත පවත්වන ලදි. උදෑසන ශාරීරික අභ්‍යාස, පාසරඹ මෙන්ම වෛද්‍ය ආර්.එම්. විජේරත්න, වෛද්‍ය ලලිත් වෙලමැදගේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මාහාචාර්ය ශාන්ත හෙන්නායක විසින් සිදු කළ දේශන ද මෙම පුහුණුවිම් දින වැඩසටහනට අයත් වූ අතර, ප්‍රායෝගි ක්‍රියාකාරකම් ද මෙහි විය. බ්‍රිගේඩියර් ඒ.එම්.එස්.බි. අතපත්තු, බ්‍රිගේඩියර් ඒ.ජී.ඩි.එන්. ජයසුන්දර, යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපත් කර්නල් එච්.එම්.එස්. හෙරත්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එල්.එස්. බාලචන්ද්‍ර‍ ඇතුලු නිලධාරින් 85 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ. මෙම පුහුණුවිම් දින වැඩසටහන යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේ පැවති Diner’s Club වැඩසටහනෙන් අවසන් විය.bridgemedia | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ