12th January 2023 18:30:33 Hours
පෙරියකාඩු ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවැති තරුණ නිළධාරි පාඨමාලා අංක - 11 සාර්ථකව හැදැරු තරුණ නිලධාරීන් නව දෙනෙකු වෙත ඉකුත් සෙනසුරාදා (07) දින සහතික පත් ප්‍රධානය කරන ලදී.
යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් නලින් ප්‍රභාත් විසින් සහතික ප්‍රදාන උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යාන්ත්‍රික පාබල බලසේනා ආඥාපති බ්‍රිගේඩියර් කාවින්ද බාලසූරිය උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
උත්සවය අතරතුර, තරුණ නිලධාරීන් ඇමතු ප්‍රධාන ආරාධිත අමුත්තා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අනාගත නායකයින් ලෙස තරුණ නිලධාරීන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා පාඨමාලාවේ වැදගත්කම පිළිබඳ කරුණු අවධාරණය කරන ලදී.
පාඨමාලාවේ සෑම අංශයකින්ම කුසලතා දක්වා පළමු වන ස්ථානය හිමිකර ගැනීමට 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කපිතන් ටී.ඒ.එන්.එස්.බී තිබ්බොටුමුණුව සමත්විය.
උත්සව අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.