Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th August 2023 20:47:04 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරී අරඹයි

යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති ලෙස පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින දඹුලුහල්මිල්ලෑව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. අනතුරුව රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව එතුමන් කඳවුරු පරිශ්‍රයේ ඇති රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයද පිරිනමනු ලැබීය. එතුමන් සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරී භාරගනු ලැබීය.

උත්සව කටයුතු සමාප්තියේදී සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව එතුමන් සියලු නිලධාරීන් ඇමතීය. මෙම අවස්ථාවට යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.