Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st January 2025 15:23:56 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අන්තර් බලඇණි ක්‍රීඩා හා වෙඩිතැබීමේ ශූරතාවලිය සාර්ථකව අවසන්

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අන්තර් බලඇණි ක්‍රීඩා හා වෙඩිතැබීමේ ශූරතාවලිය 2024 දෙසැම්බර් මස 29 දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී සහභාගි විය.

එහිදී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්ගේ අධීක්‍ෂණය මත වෙඩි තැබීම, ඔරු පැදීම සහ වොලිබෝල් ඇතුළු තරඟ රැසක් පැවැත්විණි. මෙම තරඟාවලිය අතරතුරදී, 1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව හොඳම වොලිබෝල් කණ්ඩායම ලෙසත්, 3 යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කණ්ඩායම ඔරු පැදීමේ ශුරතාවලියත් දිනාගත් අතර හොඳම වෙඩිතැබීමේ ශූරතාවය 4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට හිමිවිය. එසේම, ඔරු පැදීම සහ බොක්සිං ක්‍රීඩාව තුළින් ජාතික මට්ටමේ දක්‍ෂතා දැක්වූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සාමාජිකයන් වෙත ද මෙම අවස්ථාවේදී මූල්‍ය දිරිගැන්වීම් පිරිනැමිණි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගි වූහ.