Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th September 2017 18:23:39 Hours

යහපත් ජිවන පුරුදු සහ අහිතකර මත්ද්‍රව්‍ය පිලිබඳව හමුදා පිරිස් දැනුවත් වෙයි

යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය පිලිබඳ තොරතුරු මධ්‍යස්ථානය (Alcohol and Drug Information Centre) හා සම්බන්ධතාවයෙන් මත්ද්‍රව්‍ය විරෝධි (‘Anti Drug’ campaign) තවත් වැඩසටහනක් මත්ද්‍රව්‍ය විරෝධි ව්‍යාපාරයේ පුහුණුකරුවන් හා සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් බදාදා (20) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පවත්වන ලදී.

යුද්ධ හමුදා නිලධාරින් 5 ක් සහ සෙසුනිලයින් 191 දෙනෙකු සහභාගි වු මෙම අධ්‍යාපනික වැඩසටහනට පැමිණි යුද්ධ හමුදා රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය මේජර් යු.පී. මල්ලවාරච්චි විසින් ‘ ජිවන කුසලතාවයන් සහ අරමුණු’ පිලිබඳව දේශනයක් පවත්වන ලදී.

මේ අතර, මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය පිලිබඳ තොරතුරු මධ්‍යස්ථානය (Alcohol and Drug Information Centre) සහ යුද්ධ හමුදා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය ඒකාබද්ධව පවත්වන ලද මෙම වැඩසටහනට පැමිණි මත්ද්‍රව්‍ය පිලිබඳ තොරතුරු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරි අජිත් නවගමුව මහතා ‘ මධ්‍යසාර සහ එහි යථාර්ථය’ පිලිබඳව දේශනයක් පැවැත්වුහ.

best Running shoes brand | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!