Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th September 2019 07:43:34 Hours

මොස්කව් හිදී යුද්ධ හමුදා නර්තන ශිල්පීන් දැක්වූ දක්‍ෂතාවයන් යුද්ධ හමුදාධිපතිතුමන් අගය කරයි

‘ජාත්‍යන්තර යුද්ධ හමුදා ක්‍රීඩා උළෙල - 2019’ හී සංස්කෘතික අංශයේ ප්‍රථම ස්ථානය හිමි කරගනිමින් රුසියාවේ දී යුද්ධ හමුදා ධජය ඉහළට එසවූ යුද්ධ හමුදා නර්තන ශිල්පීන් තිදෙනා වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කෝප්‍රල් එස්.කේ.ඩි. රාජප්‍රිය, කෝප්‍රල් රංග කුමාර සහ කෝප්‍රල් බී.ජි. බෙලිගල ඉකුත් බදාදා (04) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන්ගේ අද්විතීය හැකියාවන් ප්‍රසංශාවට ලක් කළේය.

ලෝකයේ රටවල් 39 ක තරඟකරුවන් අභිබවමින් නරඹන්නන් සහ අනෙකුත් කලාකරුවන් විස්මයට පත් කරමින් ආකර්ෂණීය බටහිර නර්තන අංගයන් ප්‍රදර්ශනය කිරීමට අමතරව ඔවුන් කණ්ඩායම උඩරට, දකුණු හා සබරගමු සම්ප්‍රදායන්ට අදාළ බෙර වාදනය කරමින් සෞන්දර්යාත්මක නර්තනයන් ද ඉදිරිපත් කරන ලදී. මෙම තරඟාවලිය 2019 අගෝස්තු 03 සිට 17 දින දක්වා රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්විණි.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රුසියාවේදී ඔවුන් ලද අත්දැකීම් විමසා ඔවුන් ලැබූ ජයග්‍රහණය ප්‍රශංසාවට ලක් කරමින් එය තම මව් බිමට මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ද දක්වන ලද උපහාරයක් බව පැවසීය. “අපේ මිනිසුන් සුදුසුකම් ලත් තුන් ඉරියව් ක්‍රීඩකයින් බවත් ඕනෑම ජාත්‍යන්තර තරඟකරුවෙකු සමඟ සමපාත විය හැකි බව මෙයින් ලොවට මැනවින් ප්‍රදර්ශන විය. මෙය තවදුරටත් ප්‍රවර්ධනය කළ හැකි නව අංගයකි,” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරමින් සිටියදී ප්‍රකාශ කළේය.

ඔවුන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අනතුරුව ඔවුන් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කළ අතර ඔවුන්ගේ ඉදිරි කටයුතු සඳහා සුබ පැතුම් ද එක් කළේය. මෙම සුහද හමුව අතරතුරදී, ඔවුන් රුසියාවේ පැවැති තරඟයෙන් තනිව හා සාමුහිකව හිමිකරගත් සම්මාන සහ සහතිකපත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පෙන්වීය.

මෙම අවස්ථාවට එම නර්තන ශිල්පීන් සමඟින් යුද්ධ හමුදා තූර්යවාදක හා රංගකලා අධ්‍යක්‍ෂ කර්නල් සැම්සන් ජයකොඩි සහභාගි විය. Asics footwear | Nike News