Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th May 2016 19:39:08 Hours

මේජර් ජෙනරාල් ප්‍ර‍සන්න සිල්වා සිය රෙජිමේන්තුවට සමුදෙයි

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව දායාද කළ අභිමානවත් රණවිරු පුතුන්ගෙන් එක් අයෙක් වන ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් ප්‍ර‍සන්න සිල්වා යුද හමුදාවෙන් විශ්‍රාම යෑම නිමිත්තෙන් උත්තමාචාර පිරිනැමීමේ උත්සවයක් බ්‍ර‍හස්පතින්දා (05) දින පනාගොඩ, පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක සහ පරිපාලන නියෝජ්‍ය උපකුලපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග විසින් එහි පැමිණි මේජර් ජෙනරාල් සිල්වා පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් පරිනමන ලදී. අනතුරුව මේජර් ජෙනරාල් ප්‍ර‍සන්න සිල්වා විසින් සම්ප්‍රදායානුකූලව පෙලපාලියෙහි අණ දෙන නිළධාරී සමග එම පෙලපාලිය නිරීක්ෂණය කරනු ලැබීය. එමෙන්ම පැවති තේ පැන් සංග්‍රයෙන් පසු ශ්‍රී ලංකා පාබල හමුදා ශ්‍ර‍වනාගාරයේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ තකා බහක ද නිරත විය. එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් එක් වූහ.Best jordan Sneakers | Sneakers Nike