Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2019 16:57:49 Hours

මේජර් ජෙනරාල් ගුණවර්ධන වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස රාජකාරී අරඹයි

වන්නී ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින සිය කාර්යාලයේ දී පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

උත්සවයේ පළමු අංගය ලෙස වන්නී ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයට සපැමිණි එතුමන් වෙත පිවිසුම් දොරටුව අසලදී කඳවුරු සම්මාන මුරයක් පිරිනැමිණි. ඉන් අනතුරුව රණවිරු ස්මාරකය වෙත සපැමිණි එතුමන් මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව සපැමිණි නව ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්. පී. සෙනෙවිරත්න සහ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් එච්. පී. රණසිංහ එක්ව සරඹ භූමිය වෙත කැටුව යන ලදී. පසුව 8 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිසක් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමන ලදී.

යුද්ධ හමුදා ගෞරවාචාරයන්ගෙන් සහ ආගමික වතාවත් මෙන්ම සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 18 වන ආඥාපති ලෙස එතුමන් සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී. පසුව නව ආඥාපතිතුමන් මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම වෙනුවෙන් ප්‍රධාන කාර්යාල සංකීර්ණය ඉදිරිපිට අඹ පැළයක් රෝපණය කළේය, පසුව සෙසු නිල භෝජනාගාරයේ පැවති සියලු නිල තේපැන් සංග්‍රහයට ද එතුමන් සහභාගී විය.

නව ආඥාපතිතුමන් සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවනාගාරයේදී 800 ක් පමණ නිලධාරීන් සහ සෙසුනිලයින් අමතන ලදී.

මෙම අවස්ථාව සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.පී.එන්.කේ. ජයපතිරණ, 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්. ජී. එච්. ඒ. එස්. බණ්ඩාර, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්. පී සෙනෙවීරත්න, 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ. ඩී. සී. ජී. ජේ. තිලකරත්න, 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජේ. එම්. යූ. ඩී. ජයසිංහ, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් එච්. පී. රණසිංහ, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් 100 කට අධික පිරිසක් සහභාගීවිය. bridgemedia | Nike SB