Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th September 2016 16:38:28 Hours

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ආචාරය

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධුරය සහ යුද හමුදා මූලස්ථාන යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ධූරය හොඹවා සිකුරාදා (2) සිය යුද හමුදා දිවියෙන් විශ්‍රාම ගනු ලැබූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙත සඳුදා (5) දින හමුදා ආචාර පිරිනමනු ලැබීය. එදින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථානයට පැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරී පිළිගැනීම යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යාස්ථාන සේනාවිධායක විසින් සිදුකරන ලදි. අනතුරුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකුලව කදවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමිම සිදු කෙරිනි. එම අවස්ථාව සිහිගන්වමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ අතර, කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාවේ පැවති තේ පැන් සංග්‍රහයට ද සහභාගි විය. එහිදි නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් සෑම නිලධාරියෙකු සමගම කතාබහා කළ අතරම එම අවස්ථාවට සහභාගි වූ සෙසු නිලයින් නිළයින් සමග සුහඳ පිළිසදරක ද නිරත විය.latest Nike release | 『アディダス』に分類された記事一覧