07th March 2025 18:49:53 Hours
වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ලැබූ මේජර් ජෙනරල් පී. විතානගේ සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මාර්තු මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම ලැබූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී සහ පශ්චාත් යුද සමයේදී අභියෝගාත්මක භූමිකාවන්හි නිරත වෙමින් දැක්වූ කැපවීම සහ ආදර්ශමත් සේවය පැසසුමට ලක්කළේය. තවද, විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් එම පවුලේ සාමාජිකයන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය.
විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1991 නොවැම්බර් මස 17 දින කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ පාඨමාලා අංක - 09 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් පී. විතානගේ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තුළින් සිය මූලික පුහුණුව සාර්ථකව අවසන් කර දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1993 නොවැම්බර් මස 22 දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව වෙත අනුයුක්ත කෙරිණි.
යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද තත් ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 පෙබරවාරි මස 10 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 පෙබරවාරි මස 15 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට යුද්ධ හමුදා මූලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් කමිටුවේ සභාපති යන ධූරයන් හෙබවිය.
විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය හමුදා දිවිය තුළදී, වවුනියාව, අභ්‍යන්තර ආරක්‍ෂක කණ්ඩයේ කණ්ඩභාර නිලධාරි, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ කණ්ඩභාර නිලධාරි, 1 වන කාර්ය සාධක බලකා මූලස්ථානයේ නිලධාරි අණදෙන, 51 පාබල සේනාංකයේ මූලස්ථානයේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍ර වැඩපළ භාර නිලධාරි අණදෙන, උඩවලව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපළ භාර නිලධාරි, වවුනියාව, අභ්‍යන්තර ආරක්‍ෂක කණ්ඩායමේ කණ්ඩායම් භාර නිලධාරි, 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍ර වැඩපළ භාර නිලධාරි අණදෙන , විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු (සන්නාහ සන්නද්ධ) බලඇණියේ දෙවන අණදෙන නිලධාරි, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSTAH) ශ්‍රී ලංකා බලඇණියේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු නිලධාරි අණදෙන, 1 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ දෙවන අණදෙන නිලධාරි, 21 පාබල සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන සහ භඨකාර්ය සම්පාදන), 3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු (සන්නාහ සන්නද්ධ) බලඇණියේ නිලධාරි අණදෙන, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ මූලස්ථාන බලඇණියේ නිලධාරි අණදෙන, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I (භඨකාර්ය සම්පාදන), උඩවලව, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපළේ වැඩපළ භාර නිලධාරි, 21 පාබල සේනාංක මූලස්ථානයේ කර්නල් (පාලන සහ භඨකාර්ය සම්පාදන), ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කර්නල් (පාලන සහ භඨකාර්ය සම්පාදන), ජාතික ශිෂ්‍යභට බලකා මූලස්ථානයේ බ්‍රිගේඩියර් (පාලන සහ භඨකාර්ය සම්පාදන), ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වැඩබලන භඨකාර්ය සම්පාදන ආඥාපති සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.
එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ හමුදා දිවිය තුළදී, තරුණ නිලධාරින්ගේ පාඨමාලාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, නිලධාරි උසස් යාන්ත්‍රික ඉංජිනේරු පාඨමාලාව - ඉන්දියාව, වැඩපළ කණ්ඩායම් අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු ජ්‍යෙෂ්ඨ නිලධාරි පාඨමාලාව - ඉන්දියාව සහ උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් හදාරා ඇත.