Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2020 15:02:32 Hours

මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට යෝජිත ජාත්‍යන්තර යුද්ධ හමුදා තරඟ 2020 අදාළ ‘ක්ෂේත්‍ර සූපවේදී’ තරඟාවලිය (Field Kitchen’ Competition) පිළිබඳ රුසියානු හමුදාවේ ශාක්‍යතා අධ්‍යයනයන් සිදු කරනු ලබයි

ලෝක ප්‍රකට ජාත්‍යන්තර යුද්ධ හමුදා ක්‍රීඩා උළෙල 2020 ‘ක්ෂේත්‍ර මුළුතැන්ගෙයි’ තරඟාවලියේ 2020 වර්ෂයේ තරඟයන් ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා ශක්‍යතා අධ්‍යයන සිදුකිරීමට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

වර්ෂ 2019 දී පැවැති මෙම ක්ෂේත්‍ර මුළුතැන්ගෙයි තරඟාවලිය රුසියාවේදී රුසියානු සමූහාණ්ඩුව විසින් පවත්වන ලද අතර තරඟාවලිය සඳහා බහුවිධ සූපශාස්ත්‍ර විශේෂඥතා සහ වෙනත් ඒ ආශ්‍රිත වෘත්තීය කුසලතා ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් හය දෙනෙකු ඇතුළු මිත්‍රශීලී විදේශීය රටවල් නියෝජනය කළ තරඟකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

රුසියානු සංවිධායක කමිටුව විසින් විවිධ ප්‍රමිතීන්ට සරිලන පරිදි මාර්ගෝපදේශ හා ක්‍රියාපටිපාටිවලට අනුව සංවිධානය කරන ලද ‘ක්ෂේත්‍ර මුළුතැන්ගෙයි’ තරඟාවලිය පිළිබඳ රුසියානු හමුදා නිලධාරීන් හත් දෙනෙකුගේ නිදර්ශන මෙහෙයුම් ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන ආවරණය වන පරිදි සෙනසුරාදා (14) දින දක්වා පවත්වනු ලබයි.

එම රුසියානු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ සම්පත් හා අමුද්‍රව්‍ය ලබාගැනීම, ආහාර වර්ගවල ගුණාත්මකභාවය, ආහාර වට්ටෝරු සකස් කිරීම, අමුද්‍රව්‍ය හා කුළුබඩු භාවිතය, සෞඛ්‍ය පෝෂක සංඝටක ආදිය තක්සේරු කරනු ඇත.  මෙම තරඟාවලිය පැවැත්වෙන ස්ථානය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගනු ලැබුවහොත් රටවල් දහයකට වැඩි සංඛ්‍යාවක හමුදා භටයින්ට මෙම තරඟයට ආරාධනා කිරීමට රුසියානු හමුදාව අපේක්‍ෂා කරයි.

මෙම තරඟාවලිය පැවැත්වීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයන චාරිකාව සඳහා අවශ්‍ය පහසුකම් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සපයනු ලබයි. Authentic Nike Sneakers | jordan Release Dates