Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st October 2023 14:53:23 Hours

මෙරටට පැමිණි ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් උණුසුම් අයුරින් පිළිගනියි

චීනයේ ‘Hangzhou’ හි පැවති 4 වන ආසියානු පැරා මලල ක්‍රීඩා උළෙලේදී පදක්කම් හිමිකරගනිමින් මෙරටට පැමිණි ශ්‍රී ලංකා පැරා මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 30) දින උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙරටට පැමිණි යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු රෝහණ දිසානායක මහතා, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ක්‍රීඩා, කර්නල් එච්.එම්.එස්.පී.එස් ද සිල්වා ආර්එස්පී යූඑස්පී, යුද්ධ හමුදා ඔලිම්පික් කමිටුවේ සහකාර ලේකම් ලුතිනන් කර්නල් ඩී.ඩී වික්‍රමසිංහ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රජයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

4 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙල සඳහා පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී පැරා හෙල්ල විසිකිරීම F- 44 ඉසව්වෙන් (දුර - මීටර් 64.09) රිදී පදක්කම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බළලත් නිලධාරී II කේ.ඒ සමිත දුලාන් සහ කවපෙත්ත විසිකිරීම පිරිමි F - 63 ඉසව්වෙන් ලෝකඩ පදක්කම (දුර මීටර් 14.15) ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සැරයන් එච්.ජී. පාලිත බණ්ඩාර විසින් දිනා ගන්නා ලදී.