Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th December 2024 08:16:05 Hours

මූලික ප්‍රගුණ වෙඩිකරු පාඨමාලාව අංක - 217 සාර්ථකව අවසන්

දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකක්රු පුහුණු පාසලේ පැවති මූලික ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාඨමාලා අංක - 217 හි සමාප්ති උත්සවය 2024 දෙසැම්බර් මස 07 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. 2024 නොවැම්බර් මස 11 දින ආරම්භ වූ මෙම පාඨමාලාව සඳහා නිලධාරින් 16 දෙනෙක් සහ සෙසුනිලයන් 85 දෙනෙකු සහභාගී වූහ

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ බ්‍රිගේඩියර් ආර්.පී. මුනිපුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් සමාප්ති දේශනය පවත්වමින් පාඨමාලාව හැදෑරූවන්ගේ කැපවීම ඇගයීමට ලක්කළේය.

පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූවන් පහතින් දැක්වේ:

• ප්‍රථම ස්ථානය: ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලුතිතන් ඒ.එම්.එම්.අයි. අධිකාරිනායක

• දෙවන ස්ථානය: කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.අයි.කේ. රත්නායක

• තෙවන ස්ථානය: විශේෂ බලකායේ කෝප්‍රල් එන්.ජී.ඩී.ජේ.පී. ජයවර්ධන