Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
29th December 2015 17:07:48 Hours
මුලන්කාවිල් පාසල් සිසුන්ට පාවහන් පිරිනමයි
රුපියල් 75,000.00 අධික වටිනාකමකින් යුත් පාසල් පාවහන් සිසුන් වෙත ප්‍රදානය කිරීමත් ඉරණමදනගර් දේවස්ථාන භූමිය ශ්‍රමදානයක් මඟින් පිරිසිදු කිරීමත් කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සිදු කරනු ලැබීය. කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරගේ අධීක්ෂණය යටතේ 651 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.පී.අයි ප්‍රනාන්දුගේ මඟ පෙන්වීම මත පාසල් පාවහන් බෙදාදීම සිදු කෙරුණු අතර, ඒ සඳහා කොළඹ පදිංචි ජගත් පුෂ්පකුමාර, සුමිත් කල්දේරා, සජිත් කසුන් කුමාර, ඉසංක හර්ෂ කුමාර, සාගර සහ ඇනක්සි පෙරේරා යන මහත්ම මහත්මීන් මේ සඳහා අනුග්‍රහය දැක්වීය. පසුගිය බ්‍රහස්පතින්දා (24) දින මුලන්කාවිල් ප්‍රදේශයේ තෝරා ගත් පාසල් සිසුන් 50 දෙනෙකු සඳහා මෙසේ පාසල් පාවහන් බෙදාදුනි. රණවිරු සේවා සම්පත් මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්.එච්.එම් මනතුංග, 651 බලසේනාධිපති කර්නල් ඒ.පී.අයි ප්‍රනාන්දු, කන්නන් දේවස්ථානයේ කුමාර් පූජකතුමා, ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිළධාරීන්, මුලන්කාවිල් පොලිස් ස්ථානාධිපති, පාසල් සිසුන්, පරිත්‍යාගශීලීන් සහ මව්පියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. කිලිනොච්චි ඉරණමදනගර් දේවස්ථානයේ ප්‍රධාන පූජක ආනන්ද කුමාර් පියතුමන්ගේ ඉල්ලීමකට අනූව එම දේවස්ථානය ‘ශ්‍රමදානයක්’ මඟින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය 20 වන දින සිදු කරනු ලැබීය. ඒ සඳහා 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 11 වන ගජබා රෙජිමේන්තුව දායකත්වය දක්වන ලදී. 651 බල සේනාධිපති කර්නල් ඒ.පී.අයි ප්‍රනාන්දුගේ උපදෙස් මත මෙම කර්තව්‍යය ඉටු කිරීම සඳහා හමුදා සෙබලු 40 දෙනෙක් පමණ සහභාගි වූහ.
best shoes
|
Nike