Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2015 17:11:36 Hours

මුලතිව් හා වන්නි ආරක්ෂක සේනා නත්තල් සමරයි

පසුගිය දෙසැම්බර් 25 වන දිනට යෙදුනු අසිරිමත් නත්තල සැමරීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය කටයුතු කරනු ලැබීය. මෙහි දි මැජික් සංදර්ශනයක් ද පැවති අතර, විජයබාහු පාබල රෙජිමේන්තුව සංගීත සංදර්ශනයක් සහ සන්ෂයින් ගර්ල්ස් නර්තන කණ්ඩායම නර්තන ද ඉදිරිපත් කලහ. මුලතිව් ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ උපදේශකත්වය යටතේ මෙම කටයුතු සංවිධානය කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම යුද හමුදා නිලධාරින් සහ සෙසු නිලයින් ඇතුළුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද එක්ව සිටියහ. එමෙන්ම වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ද දෙසැම්බර් 23 වන දින මේ හා සමගාමි වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය. අනුරාධපුර රදගුරු ආචාර්ය බිෂෝප් නොර්බට් අන්දෘ පියතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ මෙම දේව මෙහෙය වන්නි ආඥාපති මේජර් ජෙනරාල් එම්.එච්.එස්.බී පෙරේරා ගේ මඟපෙන්වීම මත සංවිධානය කරනු ලැබූවකි. එහි දී 2 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය සහ 4 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය එක්ව ගීතිකා ගායනයන් සහ නර්තනයන් ඉදිරිපත් කරනු ලැබීය. මෙම අසිරිමත් නත්තල් උත්සවය වෙනුවෙන් වන්නි ආඥාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආසිකුලම්හි ජේසුපුරම් පෙර පාසලේ දරුවන්ට ත්‍යාග පාර්සල් පිරිනැමීමත්, එම ප්‍රදේශයේ තෝරා ගත් දිළිඳු පවුල් වෙත ආහාර පාර්සල් බෙදාදීමත් සිදු කෙරිනි. මැදවච්චිය ශාන්ත එඬේරාගේ දේවස්ථානයේ පියතුමන් සහ කන්‍යා සොයුරියන්, උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, බල සේනාධිපතිවරු, අණදෙන නිලධාරින් ඇතුළු වන්නි ප්‍රදේශයේ සේවයේ නියුතු යුද හමුදාවේ විශාල පිරිසක් මෙන්ම සිවිල් වැසියන් රැසක් ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.Asics shoes | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News