Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th May 2021 22:28:03 Hours

මුලතිව් භටපිරිස් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ව්‍යාපෘති දියත් කරති

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් මුලතිව් සහ ඒ අවට ප්‍රදේශවල කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ අරමුණින් වැඩසටහන් කිහිපයක් දියත් කළහ.

ඒ අනුව,592 වන බලසේනාව යටතේ ස්ථාපිත 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සඳුදා (03) දින මුල්ලියාවේලි නගරබද ප්‍රදේශයේ බස් නැවතුම්පල, සුභසාධන මධ්‍යස්ථාන, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු, පොදු වෙළඳපොල,ජනාකීර්ණ ප්‍රදේශ සහ ත්‍රී රෝද රථ නැවතුම්පළ ආදී ස්ථානයන් විෂබීජහරණය කළහ.එමෙන්ම, 593 වන බලසේනාව යටතේ ස්ථාපිත 19 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (04) දිනකෝකිලායි, කොක්කුඩුඩුවායි, කර්ණාටකර්නි සහ චෙම්මලේ යන ප්‍රදේශවල පොදු හා පෞද්ගලික ස්ථාන විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කළහ.59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජී. ඩී. සූරියබණ්ඩාර විසින් මෙම වැඩසටහන් අධීක්‍ෂණය කළේය.

මේ අතර,641 වන බලසේනාව යටතේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 642 වන බලසේනාව යටතේ ස්ථාපිත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුව හා17 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවසහ 643 වන බලසේනාව යටතේ ස්ථාපිත 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (04) දින ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ විෂබීජහරණ ව්‍යාපෘතීන් සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කළහ.

මෙම ව්‍යාපෘති 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න විසින් අධීක්‍ෂණය කළේය.

එමෙන්ම, 681 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් පසුගිය අඟහරුවාදා (27) දින උදයාර්කට්ටු ප්‍රදේශයේ විෂබීජහරණ ව්‍යාපෘති සහ මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපෘති සිදුකළහ.තවද, 682 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව සහ 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය සිකුරාදා (30) දින පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී විෂබීජහරණ ව්‍යාපෘති සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වූහ.මෙම ව්‍යාපෘති 68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කීර්ති බණ්ඩාර විසින් අධීක්‍ෂණය කරන ලදී.

අදාළ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ නගර සභා නිලධාරීන් ද මෙම ව්‍යාපෘති සඳහා සිය දායකත්වය දැක්වූහ.